Press "Enter" to skip to content

පුද්ගලික බස් ගාස්තු වැඩිකිරිමට අවසර නෑ

පුද්ගලික බස් ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බවත් දැනට

ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප  ක්‍රියාත්මක කිරීමට සූදානම් යැයි  ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

නව කොරෝනා  තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් පරිදි

මේ වනවිට පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යාමේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය සිදු කෙරේ.

නමුත් එමගින් තමන්ට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවත්, එමනිසා අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවේ

මෙන් සාමාන්‍ය අය කිරීම්වලට වඩා සියයට 1.5ක් දක්වා පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස

ඉල්ලා බස් රථ හිමියන්ගේ සංගම් කිහිපයක් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

එසේ වුවද මෙම අවස්ථාවේ කිසිදු අයුරකින් හෝ බස් රථ ගාස්තු ඉහළ නැංවීමට කටයුතු නොකරන අතර

බස් රථ අයිතිකරුවන් විසින් දැනට තමන් මෙම කර්මාන්තය පවත්වාගෙන යන්නේ පාඩු පිට බව පවසන හෙයින්

ඊට විකල්ප විසඳුම් ලබා දීමට තම අමාත්‍යාංශය මගින් පියවර ගන්නා බව මහින්ද අමරවීර මහතා පවසයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *