Press "Enter" to skip to content

පේ‍්‍රමලාල්ට මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දිය නොහැකියි – නීතිපති අධිකරණ අමාත්‍යාංශයට දන්වයි

මරණ දඬුවම නියමව සිටින පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇත.
 
 අදාළ දැනුම් දීම අධිකරණ අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් පැවැසීය.
 
 පේ‍්‍රමලාල් ජයසේකර මහතා ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට රැුගෙන ඒම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉකුත් 28 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ නිවේදනය අනුව බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව කළ කරුණු විමසීමට පිළිතුරු ලෙසින් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයට මෙම උපදෙස් ලබාදී තිබේ.
 
 2015 වසරේදී සිදුවූ මිනීමැරුම් සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ජූලි මස 31 වැනිදා පේ‍්‍රමලාල් ජයසේකර මහතාට මරණ දඬුවම නියම කරන ලදී.
 
 කෙසේ වෙතත් ඒ මහතා මෙවර මහමැතිවරණයේදී දිස්ත‍්‍රික්කයේ දෙවැනි ස්ථානයට වැඩිම මනාප ලබාගනිමින් ජයග‍්‍රහණය කළේය.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *