Press "Enter" to skip to content

බදාදා සිට බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ අද පැවති සාකච්ඡාවකදීය.

 

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්විණි.

 

ඒ අනුව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපතිවරයාට ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදාල කටයුතු සිදුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දැනුම් දී ඇත.

 

මේ අතර, අන්තර් පලාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු 20% කින් ඉහළ නැංවීමට සිදුවන බවය.

 

කූඹියෝ නිව්ස් වට්ස්ඇප් ගෲප් සඳහා  එක්වන්න –  මෙතැනින්

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *