Press "Enter" to skip to content

බී ලූනු අපනයනය තහනම් කරයි

බී ලූනු අපනයනය කිරීමෙන් මෙරට වෙළෙඳපොළේ බී ලූනු හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තහනම පනවා ඇතැයි රේගු ආරංචි මාර්ග පවසයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් මෙරටට ආනයනය කරන බී ලූනු කන්ටේනර පිටින් ඉන්දියාවට අපනයනය කරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීම අනුව මෙම තහනම පනවා ඇත.

දැනට ඉන්දියාවේ පවතින බී ලූනු හිඟය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නන්ගෙන් බී ලූනු අඩු මිලට ගෙන එක්තරා පෞද්ගලික ආයතනයක් ඉහළ මිලකට ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන බවට තොරතුරු වාර්තා වේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *