Press "Enter" to skip to content

මංගල අදත් රහස් පොලීසියට

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19) දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම ප්‍රදේශයේ අවතැන් කඳවුරුවල පදිංචිව සිටින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්නාරම වෙත ගෙනයාම සඳහා රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පසුගිය සතියේදීද සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර එහිදී පැය 05 කට ආසන්න කාලයක් තිස්සෙ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *