Press "Enter" to skip to content

මංගල උත්සව අද සිට තහනම්

මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රී 10ට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අළුයම 4ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් අද රාත්‍රී 10ට යළි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන අතර එය පසුදා අළුයම 4ට යළි ඉවත් කෙරෙනවා. මෙලෙස නැවත දැනුම් දෙනතුරු පැය 6ක කාලයක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

 

කොරෝනා ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්වීම ද අද සිට තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත්, මනාල යුවළ, ඔවුන්ගේ දෙමව්පියන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහභාගි කර ගනිමින් විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදුකිරීමේ හැකියාව පවතින බවයි රජය නිවේදනය කළේ.

 

එමෙන්ම බෙලිඅත්ත සහ තංගල්ල නගරවල වෙළදසැල් ද අද සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම හෙට සිට ඇඹිලිපිටිය, අම්පාර සහ බදුල්ල යන නගරවල පිහිටි වෙළදසැල් වසා දැමීමටයි වෙළද සංගම් තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, කොරෝනා ව්‍යාප්තිය හමුවේ බදුල්ල, බණ්ඩාරවෙල, අම්බලන්තොට, බෙලිඅත්ත, තංගල්ල, ඇඹිලිපිටිය, අම්පාර යන නගරවල ද වෙළදසැල් වසා දැමීමට පසුගිය දා කටයුතු කෙරුණා.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *