Press "Enter" to skip to content

මංගල රහස් පොලීසියට කැදවයි

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇත.

පසුගිය ජනාධිපතිවරණ දිනයේ රාජ්‍ය දේපල අවභාවිත කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට ගෙන යාම සඳහා ලංගම බස් රථ යෙදවූ බවට එල්ල වී ඇති චෝදනාවක් මත මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.

ඔහුට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද දිනයේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *