Press "Enter" to skip to content

මත්කුඩු සදහා බන්ධනාගාරගත වූ රැඳවියෙකු සතුව ශීතකරණයක්

මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනෙකු සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (2) විමර්ශන ආරම්භ කළේය.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

මත්කුඩු කිලෝ 30ක් සමග අත්අඩංගුවට පත් ඔස්ටින් නමැති සැකකරුවකු ශීතකරණයක් භාවිත කරන බවත් මත්කුඩු කිලෝග්‍රැම් 100ක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දීය ජාතිකයෙකු සතුව තිබූ මයික්‍රොවේව් උඳුනක් ද තිබූ බවත් පසුගියදා හෙළි වී තිබුණි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *