Press "Enter" to skip to content

මත්තේගොඩ සමාජ ජාල ක්‍රියාකාරිකයකු උඩු මහලකින් පැන සියදිවි නසාගනී

මත්තේගොඩ පිහිටි සිය ඥාති නිවසක තෙවැනි මහලෙන් බිමට පැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් ලෙස කටයුතු කරමින් සිටි තරුණයෙක් ඊයේ (18) සවස සියදිවි හානිකරගෙන තිබේ.

බොරලැස්ගමුවේ පදිංචිව සිටි මෙම තරුණයා 34 වියැතිය.

මතේගොඩ සමගි උයනේ පිහිටි සිය ඥාති සහෝදරයාගේ නිවසට පැමිණ මදවේලාවක් එහි ගතකර ඇත.

පසුව ඉහළ මහලට ගොඩවී බිමට පැන ඇත්තේ එහි ආරක්ෂිත යකඩ වැට මතට නැග බව මත්තේගොඩ පොලිසිය සදහන් කරයි.

එම නිවසේ ජීවත්වන ඥාතියා චීන කාන්තාවක් විවහාකරගෙන සිටින්නෙක් බව පොලීසිය පවසයි.

ඥාති සහෝදරයා තෙවැනි මහලේ රැදී සිටිමින් බෝග සහ මල් වගාවට සාත්තු කරමින් සිටියදී එහි පැමිණි මෙම තරුණයා එකවරම එහි ආරක්ෂක වැට මතට නැග බිමට පැන ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

සියදිවි හානිකරගත් පුද්ගලයා විශාදය නැමැති මානසික රෝගී තත්වයෙන් පෙලී ඇත.

පසුගිය දින කිහිපය තුළ ඔහු ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ජීවිතය ගැන කළ කිරීමට ලක්ව ඇති බවට වූ ප්‍රකාශ මුදාහැර ඇති බවද පොලීසිය කියයි.

අවිවාහකයෙක් වන මෙම පුද්ගලයා බොරලැස්ගමුවේ නිවසක තනිවම ජීවත්ව ඇත.

ඔහුගේ මව ජීවත්ව ඇතැයි පැවසෙන්නේ සහෝදරයාගේ නිවසේය.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *