Press "Enter" to skip to content

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකරයි

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

 

ඊට අදාළ නීති අණපනත් ද සංශෝධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව කියා පැවසීය.

 

“ග්‍රෑම් 2ක් තියා ගත්තොත් මරණීය දණ්ඩනය නියම වෙන්නේ. නමුත් සමහර ග්‍රෑම් 2ක හෙරොයින් ක්ෂුද්‍ර බර මිලිග්‍රෑම් 100ක්වත් නෑ. රසපරීක්ෂක වාර්තාව එනකම් අදාළ පුද්ගලයා වසර එකහමාරක් පමණ කාලයක් බන්ධනාගාරයේ ඉන්නවා. ඒ කාලය තුළදී ඔහු දරුණු අපරාධකරුවෙක් වෙලා තමයි එළියට එන්නේ. ඒ නිසා අපි මීට පස්සේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වෙච්ච අයව බන්ධනාගාරගත කරන්නේ නැතුව ඔවුන්ව කෙලින්ම පුනුරුත්ථාපනයට යවනවා. ඒකට නීති සංශෝධනය කරනවා.”

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *