Press "Enter" to skip to content

මල් වෙඩිල්ලක් පාසාල් සිසුවෙකුට මරු කැදවයි

කටාන – උතුරු කදිරාන ප්‍රෙද්ශයේදී මල් වෙඩිල්ලක් පත්තු කිරීමට යාමේදී සිදුවූ අනතුරකින් 14 හැවිරිදි පාසාල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රෙද්ශයේ විහාරස්ථානයක කඨින පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ අඩියක් පමණ දිගින් යුත් මල් වෙඩිල්ලක් දැල්වීමට යාමේදී පාසැල් සිසුවා අද අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මල් වෙඩිල්ල බිම තබා දැල්වුවත්, එය දැල්නෙවෙීම ‍ෙහ්තුවෙන් සිසුවා ඊට එබී බලා ඇති අතර එම අවස්ථාවෙදී එය එක්වරම දැල්වී ඇත.

එහිදී තුවාල ලැබූ සිසුවා මීගමුව රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ ජීවතක්ෂයට පත්ව ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *