Press "Enter" to skip to content

මහින්ද ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

 

අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවූ අතර එම රැස්වීම අතරවාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

දැඩි බරපතල උණුසුම් වාද විවාද මැද පැවති මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වී නව අග්‍රාමාත්‍යවරයෙකු සමග අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බවට යෝජනා වී තිබෙනවා.

 

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුලදී එකඟතාවක් දක්වා නොමැති අතර පසුව ඒ සඳහා කැමැත්ත පළ කරමින් පවසා ඇත්තේ ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව තමන් අග්‍රාමාත්‍ය ධුරය අත්හැර දැමීමට සූදානම් බවයි.

 

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *