Press "Enter" to skip to content

මහින්ද සුබ මොහොතින් අගමැති ධුරයේ දිවුරුම් දෙයි

09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.

ඒ් අනුව මහින්ද රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

1945 වසරේ උපත ලැබු මහින්ද රාජපක්ෂ මහතා 1967 දේශපාලනයට පිවිසි අතර 1970 දී මෙරට ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පළමුවරට තේරී පත්වුණි.

2004,2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිව්වන වරටයි.

2005 වසරේ සිට 2015 දක්වා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර රට මුදාගැනීමට නායකත්වය ලබාදුන්නේය.

2015 වසරේ දී අනපේක්ෂිත පරාජයක් ලැබුව ද යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් විපක්ෂ නායකවරයෙකු ලෙසත් ජනතා දේශපාලනයට කැපවූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය ලබන 14 වන දා මහනුවර මඟුල්මඩුවේ දී දිවුරුම්දීමට සැලසුම් කර තිබේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *