Press "Enter" to skip to content

මහින්ද හෙට අගමැති වෙයි

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට දහවල් එකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතයි.

හෙට දහවල් 1 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම දිවුරුම්දීමේ උත්සවය පැවැත්වේ. වසර 50 කට අධික කාලයක් තිස්සේ දේශපාලනයේ යෙදී සිටිමින් රටේ පොදු මහජනතාවට ඉමහත් සේවයක් කළ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අමාත්‍යාංශය කිහිපයක් දරමින් කැබිනට් අමාත්‍යවරයකු ලෙස දෙවරක් විපක්ෂ නායක ලෙස දෙවරක් අග්‍රාමාත්‍යවරයා ලෙස ද පස්වෙනි විධායක ජනාධිපති ලෙස දෙවරක් ද තේරී පත්වී මේ රටට සේවය සිදුකොට ඇත.

තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා හත්වෙනි විධායක ජනාධිපති ධුරය දරන විට ඒ මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම විශේෂ සිද්ධියකි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *