Press "Enter" to skip to content

මුලින්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට ජනපති තීරණය කරයි

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා තිබෙන හැකියාව සම්බන්ධයෙන් ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 24 වෙනිදා රාත්‍රියේ පැවති අවස්ථාවේදී යෝජනා කර ඇත්තේ මුලින්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමටයි. මේ සඳහා ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ජනාධිපතිතුමා වෙත යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය ඒකමතිකව සම්මත වී තිබේ.

පළාත් සභා මැතිවරණය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කල් දමා තිබෙන නිසා කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව මෙහිදී තීරණය වී තිබේ. මුලින්ම ජනාධිපතිවරණය පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගත්තද නව ජනාධිපතිවරයාට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා තවත් කාලයක් යනු ඇති බව මෙහි දී පෙන්වා දී ඇත.

නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගත්තා ද වර්තමාන ආණ්ඩුව ිගටම ක්‍රියාත්මක වන නිසා පළාත් සභා මැතිවරණයට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වූ පළාත් සභා මැතිවරණය තවත් මාස කිහිපයකින් ල්‍යාණ බවත් ඒ පළාත්සභාවලට බෙහෙවින් අහිතකර බවත් මෙහි දී පෙන්වා දී ඇත. ඒ අනුව ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසිය යුතු බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *