Press "Enter" to skip to content

මෙරට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 533,000ත් ඉක්මවලා

මෙරට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව 533,000ට අධික බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාතේ පමණක් සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් ක්‍රියාත්මක බව හඳුනාගෙන ඇති අතර, ඉන් කල්ලි 20ක් ක්‍රියාකාරීව සිටින බවටත් එම කල්ලිවල සාමාජිකයන් 388ක් පමණ සිටින බවටත්  තොරතුරු හෙළිව තිබේ. 

එයින් සාමාජිකයන් 348ක් ක්‍රියාකාරීව සිටින බවත් ඉන් 6 දෙනකු බන්ධනාගාරගතව සිර දඬුවම් විඳිමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. තවත් 130ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති. 

මොවුන් ජංගම දුරකතන හා වෙනත් මාර්ගවලින් අපරාධ සිදුකිරීම කළ අතර ඒවා වැළකීමට මේ වන විට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද හෙතෙම කීය. 

තවත් 123ක් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර අධිකරණයේ පෙනී සිටිමින් සමාජගතව සිටිති. එම සැකකරුවන් ද කප්පම් ගැනීම ඇතුළු ජාවාරම්වල යෙදී සිටින බවට හෙළිව ඇති බව තෙන්නකෝන් මහතා කීවේය.


මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයන් 16ක් පිළිබඳ මේ වන විට කිසිදු තොරතුරක් නොමැති අතර තවත් 25ක් විදෙස්ගතව සිටින බවත් ඉන් 19ක් ගෙන්වා ගැනීමට මේ වන විට අධිකරණය මඟින් විවෘත වරෙන්තු ලබා ගෙන, රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවත් පැවසූ ඒ මහතා අනෙක් අයද ගෙන්නා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව කීය. 

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා වැඩි වශයෙන් මුදල් හුවමරු කිරීම සිදුවන්නේ ජංගම දුරකථන ඔස්සේ ඊෂි කෑස් මඟින් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව බැංකු බැංකු සමඟ එක්ව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමට ද තීරණය කර තිබේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *