Press "Enter" to skip to content

මෛත්‍රී-මහින්ද තීරණාත්මක හමුව අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාව අද දිනය තුල බොහෝ දුරට පැවැත්වීම ඉඩ තිබෙන බව ේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගත වීම සම්බන්ධයෙන් පැවැත්වෙන අවසන් තීරණාත්මක සාකච්ඡාව මෙය බවද වාර්තා වේ. මෙම සන්ධානගත වීම සම්බන්ධයෙන් පාර්ශව දෙකේ කණ්ඩායම් දෙකක් විසින් මීට පෙර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ කරුණු පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමේ අරමුණින් නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර ඊයේ දින දුරකතන සංවාදයක් ද සිදුවී තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *