Press "Enter" to skip to content

යාපනය සරසවියේ මහවිරු උත්සව තහනම්

යාපනය විශ්වවිද්‍යාලය තුළ  හා භූමිය තුළ  නොවැම්බර් 26 හෝ 27 දිනයන්හි කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය උපකුලපති කේ.කන්දසාමි  මහතා විසින් නිවේදනයක් මගින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන්ට මෙන්ම මහාශිෂ්‍ය සංගමයට මෙම නිවේදනය දැනුම් දී ඇති අතර අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ නොවැම්බර් 26, 27 දිනයන්හි මෙන්ම  ඊට පසු දිනදීද යාපනය විශ්ව විද්‍යාලය තුළ  කිසිදු යුද සැමරුමක් හෝ මහවිරු සැමරුමක් සිදු නොකිරීමට  පියවර ගන්නා ලෙසටත් යම් හෙයකින් එවැනි සැමරිමක් සිදු කරනු ලබන සිසුන් හට විනයානුකූල පියවර ගන්නා බවටය.

මෙම නිවේදනයත් සමග යාපනය විශ්වවිද්‍යාලය තුළ  මහවිරු සැමරුම සිදු කිරිමට සූදානමින් සිටි සිසුන්ගේ සංවිධාන කටයුතු අඩාල වි  ඇත.

කෙසේ වෙතත් යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ  මහවිරු සැමරිමට අවසරයක් නොලැබීම හේතුවෙන් සරසවි සිසුන් යාපනය සරසවිය  ඉදිරිපිට මහවිරු සැමරුම් සිදු කිරීමට සංවිධානය කොට ඇති බවට වාර්තා  වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *