Press "Enter" to skip to content

යාපනය සරසවි සිසුහු කළු කොඩි එල්ලති

72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු අද (04) සරසවිය ඉදිරිපිට කළු කොඩි එල්ලා තැබූහ.

යාපනය විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම පියවර ගෙන ඇත.

යුද්ධය අවසන් වී නැවත පදිංචි වූ දෙමළ ජනතාවට විසඳා ගැනීමට නොහැකි වූ ගැටලු රැසක් තිබියදී නිදහස් දිනය සැමරීමට නොහැකි බව ඔවුන් ඊයේ දිනයේදී රැස්වෙමෙන් සාකච්ඡා කර ඇත.

ඉඩම් බලහත්කාරයෙන් ගැනීම්, මුල් ඉඩම් නොලැබීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු,  යුද අපරාධ වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම ආදි ගැටලු වෙනුවෙන් දෙමළ ජනතාවට විසඳුමක් නොලැබීම හේතුවෙන් 72 වන ජාතික නිදහස් දිනය කළු නිදහස් දිනයක් සේ සලකන බවට යාපනය මහාශිෂ්‍ය සංගමය පවසයි.

යාපනය සරසවිය ඉදිරිපිට බැනර් එල්ලා අද දින වර්ජනය කරන බව යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය වැඩි දුරටත් පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *