Press "Enter" to skip to content

යාපනය සරසවි සිසු ගැටුමක්..

යාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

ඉංජිනේරු පීඨයේ  ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර පළමුව බහින්බස්වීමක් සිදු වී ඇති අතර පසුව එය දුරදිග යාමෙන් සිසුන් දෙපාර්ශවය අතර පහරදීගැනීමක් සිදුවී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අනතුරුව සිසු ගැටුමෙන් තුවාල ලැබු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරනු ලැබීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *