Press "Enter" to skip to content

යුක්‍රේනයෙන් තවත් සංචාරකයින්

දිවයිනට පැමිණි ප්‍රථම යුක්‍රේන ජාතිකයින් පිරිසෙන් 22 දෙනෙකුගේ කණ්ඩායමක් අද (02) සිය සංචාරය ආරම්භ කරමින් මාතර මිරිස්ස මුහුදු තීරය වෙත පැමිණ තිබුණි.

 

ඒ සමගම මිරිස්ස ධීවර වරාය තාවකාලිකව වසාදැමුණු අතර එම පිරිස පී.සී.ආර් පරීක්ෂණ මගින් ආසාදිතයින් නොවන බවට තහවුරු කරගත් අය වේ.

 

තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් 173 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පස්වරුවේ දිවයිනට පැමිණි අතර  ඔවුන් යුක්‍රේනයේ සිට පැමිණි තුන්වන කණ්ඩායම බව වාර්තා වේ.

 

මේ අතර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනවාරි මාසය තුළ සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බවය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *