Press "Enter" to skip to content

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට

මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් 45 දෙනෙකු අද (18)දින දහවල් සීගිරියේ සංචාරය කළ බව වාර්තා වේ.

 

එම යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිස මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් මහත් හරසරින් පිළිගත් බව ද වාර්තාවේ.

 

සීගිරියට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම මුලින්ම ‍මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරි කෞතුකාගාරය, සීගිරි ජල උද්‍යානය සහ සීගිරි උද්‍යානය නැරඹීමට එක්වී තිබේ.

 

ඉන් අනතුරුව එම සංචාරකයින් සීගිරි පව්ව තරණය කිරීම සඳහා පිටත්ව ගොස් තිබුණි. ඒ කාලය තුළ දේශීය සංචාරකයින්ට සීගිරි පව්ව තරණය කිරීමට අවසර නොලැබිණි.

 

සීගිරිට පැමිණි සංචාරකයන් හට පොලීසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව ද සපයා තිබිණි.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *