Press "Enter" to skip to content

රනිල්ගේ ප්‍රකාශයට ගුරුවරුන්ගෙන් කළු කොඩි

ගුරු වෘත්තීය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට එරෙහිව සියලු පාසල්වල හෙට( 01 වැනිදා ) කළු කොඩි එසවීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පියවර ගෙන තිබේ.

 

එමෙන්ම එම ප්‍රකාශයයට එරෙහිව සියලු පාසල් ඉදිරිපිට දෙමව්පියන් හා ඒකාබද්ධව හෙට ( 02 වැනිදා) සවස දෙකට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට ද සන්ධානය සැලසුම් කර ඇත.

 

පසුගිය 26 වැනිදා පාසල් නොපැමිණි ගුරුවරුන්ගේ නාමලේඛන දින දෙකකින් ලබා දෙන ලෙසට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය අධ්‍යාපන අමාත්‍යාංශයට කළ ලිඛිත දැනුම් දීමක් සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරන්නේ එවැනි නිවට ක්‍රියාවලින් ගුරුවරුන් බය කිරීමට හැකියාවක් නොමැති බවය. මෙලෙස නාමලේඛන ලබා ගැනීමෙන් උතුරු නැගෙනහිර ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට කදිම පිළිතුරක් ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

 

එමෙන්ම සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කැඳවා තිබෙන බවද ප්‍රධාන ලේකම්වරයා කීවේය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *