Press "Enter" to skip to content

රවීගේ විදුලි යෝජනා වලට පාර්ලිමේන්තු කමිටුවේ දැඩි විරෝධය.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විදුලිබල පනතට ඉදිරිපත් කර ඇති සංශෝධන වලට එම විෂයට අදාළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව දැඩි විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

එම ආංශික අධීක්ෂණ කාරක සභාව අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංශෝධනයට එරෙහිව සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම කමිටුවේ සාමාජිකයෙක් ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම හදිසි විදුලිය මිලදී ගැනීමේදී මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය අවශ්‍ය බවට වූ විදුලිබල පනත වගන්ති ඉවත් කර එම බලය විෂය භාර අමාත්‍යවරයා ලබා ගැනීමේ සංශෝධනයට එම කමිටුව දැඩි විරෝධය එල්ල කර තිබෙන බවද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *