Press "Enter" to skip to content

රිය අනතුරකින් දස හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

වාරියපොල පොලිස් වසමේ වාරියපොල අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරින් දස හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ(26) සවස 5.20 ට පමණ මෙම රිය අනතුර සිදුව ඇත.

අනුරාධපුර දෙසට ධාවනය වු යතුරු පැදියක් දකුණුපස අතුරු මාර්ගයකට හැරවීමට යෑමේ දී පිටුපසින් පැමිණි ස්කැමල් රථයේ ගැටී අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකාරිය සහ කුඩා දරුවා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවා මෙලෙස මිය ගොස් ඇත.

තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 10 ක් වු උස්වැව, වලව හන්දිය, අවුලේගම ලිපිනයේ පදිංචි වීරසේකර බමුණු මුදියන්සේලාගේ අනුෂ්ක සිතුම් වීරසේකර නැමැත්තෙකි.


Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *