Press "Enter" to skip to content

රිය අනතුරින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

දොම්පේ පොලිස් වසමේ දෙකටන මල්වාන අතුරු මාර්ගයේ කළුකොදයාව හංදිය අසල දී සිදුවු අනතුරින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මල්වාන දෙසට ධාවනය වු ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පාසල් සිසුවෙකුගේ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු සිසුවා දොම්පේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 8 ක් වු කොලුකොදයාව, මල්වාන ලිපිනයේ පදිංචි කලුදුරගේ විරාජ් විජේවික්‍රම යන දරුවෙකි.

දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *