Press "Enter" to skip to content

රිය අනතුරින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රීකුණාමලය මාර්ගයේ සිදුවු අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(30) සවස 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

‍‍මහ‍මොරකන්ද ප්‍රදේශයේ දී ත්‍රීකුණාමලය දෙසට ධාවනය වු කැබ් රථයක් ඉදිරියෙන් එම දිශාවට ගමන් කළ පාපැදියක ගැටී තිබේ.

පසුව අනතුරින් තුවාල ලැබු පාපැදියේ ගමන් කළ ළමයා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 13 ක් වු 70 ‍කොටස, ගල්ඔය හන්දිය, හතරැස් කොටුව ලිපිනයේ පදිංචි ගුණවටුනගේ ෂෙහාන් අනුරාධ නැමති දරුවෙකි.

මෘත ශරීරය කන්තලේ රෝහලේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *