Press "Enter" to skip to content

රිෂාඩ් අද සීඅයිියට ප්‍රකාශයක් දෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව අපරාධ පරී්ෂණ දෙපාර්තමේන්තුව අද හිටපු අමාත්‍ය රිෂාඩ් දුර්දීන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.

හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සදහන් කළේ මෙම ප්‍රකාශය වව්නියාවේදී ලබාගැනීමට නියමිත බවය.

මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතාසි නිකුත් කිරීමට අදාලවය. 

අවස්ථා දෙකකදී ඔහු උසාවියට නොපැමිණි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ මීට පෙර කරුණු දක්වා තිබුණු අතර ඊට අදාලව මෙම නොතිසිය නිකුත් කර ඇත.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *