Press "Enter" to skip to content

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 110ක් වෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් තවත් තිදෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද පස්වරු 2.30ට නිකුත් කළ වාර්තාවට අනුව වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයින පුරා රෝහල් කිහිපයක වෛරසය වැළදී ඇති බවට සැකපිට ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 199ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.

අද දිනය තුළ පුද්ගලයන් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 103ක් වෙයි. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *