Press "Enter" to skip to content

ලංකාවේ පළමු වරට තරුණයෙකුට තෙවැනි වතාවටත් කොරෝනා ආසාදනය වෙයි

ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකුට තෙවැනි වරටත් කොරෝනා ආසාදනය වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා සඳහන් කළා.

එම තරුණයා ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මොහු පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ආසාධිතයකු බවට තහවුරු වු අයෙක්.

ඔහු වැලිකන්ද කොවිඩ් රෝහලින් ප්‍රථිකාර ලබා අදාල නිවසට පැමිණ, නැවත නිරෝධායනයට ලක්වුණා.

මෙහිදී සිය මව සමඟ නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී, දෙවන වරට යලි රෝග ලක්ෂණ පහළ කිරිමේන් පසු සැප්තැම්බර් 17 දින අසනිපව සිටියදී හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර කරනු ලැබුවා.

එහිදි එම තරුණයා දෙවන වරටත් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනුණා.

පසුව ඔහු ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා යලි නිවසට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ඔක්තෝම්බර් 2 දින නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් අසනිපව හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට ඔහුව ඇතුළත් කරනු ලැබුවා.

එහිදි නැවත අදාළ තරුණයා PCR පරික්ෂණ වලට යොමු කිරිමේන් පසුව තුන්වන වරට ද කොරෝනා ආසාධිතයක් ලෙස හඳුනා ගැනුණා.

මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ තෙවැනි වරටත් කොරෝනා ආසාධිතයකු ලෙස වාර්තා වු පළමු රෝගියා මෙම තරුණයා බවයි ප්‍රදේශීය සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

 

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *