Press "Enter" to skip to content

ලයිට් කැපීමේ අවධානමක්!

ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

 

ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනතා කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

 

මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක්  කීය.

 

දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *