Press "Enter" to skip to content

වනාන්තර සහ පුරාවිද්‍යාබිම් අක්කර ලක්ෂ 12ක් රැකි චක්‍රලේඛය -වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ.

මේ යටතේ සිරිපාදෙ එරත්න ගිලීමලේ අක්කර 64,000ක්, බිබිල නිල්ගල අක්කර 100,000ක්, අනුරාධපුර ආනවිලුන්දාව අක්කර 50,000ක්, නුවරඑළිය කිකිලියාමාන අක්කර 10,000ක්, සහ උතුරු නැගෙනහිර ජෛව විද්‍යාත්මක සහ පුරා විද්‍යාත්මක භූමි තවත් විශාල ප්‍රමාණයක් මේ යටතේ රටට අහිම වන බව නීතීඥ කපිල ගමගේ මහතා පවසයි.

 

මෙම වන ගහනය යනු හුදෙක් ජෛව විධත්වය පමණක් සහිත වනාන්තරයක් පමණක් නොවන අතර බොහෝ විට වසර දහස් ගණනක් තිස්සේ නොනැසී පැවති පෞරාණික උරුමය සගවන ලද භාණ්ඩාගාරයක් ද වන බවත් රටේ ඉතිහාසය විකෘති කරමින් පුරාවස්තු විනාස කරමින් නව ඉතිහාසයන් සකස් කරන්නට කැසකවන බෙදුම්වාදීන්ටත් මූලධර්මවාදීන්ටත් තිබුණු ප්‍රධාන බාධාවක් වූ ඓතිහාසික සාක්ෂි ද මේ වන ගහණ නිරාවරණය හරහා ඉවත්ව යන බවත් මුරගල – ලිප්ගලට ගෙන සදකඩපහණ රෙදි අපුල්ලන්නට ගන්නා මට්ටමට පත්වන බවත් ඒ මහතා පවසයි.
https://www.kubiyonews.com/articles/%e0%b7%80%e0%b6%b1%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b6-3/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *