Press "Enter" to skip to content

වසර තුනහමාරකට පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය ලෙසද මෙය සැලකෙයි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44කට පසුවය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලදේශ නායක තමීම් ඉක්බාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී බංග්ලාදේශයට රැස්කළ හැකි වූයේ ලකුණු 238ක් පමණි. කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකාර් රහීම් නොදැවී ලකුණු 98ක් රැස්කළේය.

ඒ අනුව ඔහු එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 6000 කඩයිම පසුකිරිමටත් සමත්වූ අතර තමීම් ඉක්බාල් හා ශකිබ් අල් හසන්ගෙන් පසුව බංග්ලාදේශය  වෙනුවෙන් එක්දින දිවියේ ලකුණු 6000 පසුකිරීමට සමත්වූයේ මුෂ්ෆිකාර්ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අකිල ධනංජය, නුවන් ප්‍රදීප් හා ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 239ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.4කදී කඩුලු තුනක් දැවී ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු 75කදී හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින් ලකුණු 82ක් රැස්කළේය. ඒ අනුව තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන  ලැබීය.

ඔහුට අමතරව කුසල් පෙරේරා 30, ඇන්ජලෝ මැතිව්ස් 51* හා කුසල් මෙන්ඩිස් 41* ලෙස පිත්තෙන් දක්ෂතා දැක්වූහ. සිවුවැනි කඩුල්ල වෙනුවෙන්  මෙන්ඩිස් හා මැතිව්ස් අතරේ ලකුණු 96ක නොබිඳුණු සබඳතාවක් පැවැත්විණ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *