Press "Enter" to skip to content

විදුලි බලාගාර දෙකකට අදානිට අවසර

මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

 

ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවෙයි.මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442කි.මෙම සුළං විදුලි බලාගාර හරහා වසර දෙකක් ඇතුළත මෙගාවොට් 350ක ධාරිතාවයක් ජාතික පද්ධතියට උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

 

එසේම මෙම ව්‍යාපෘති හරහා නව රැකියා අවස්ථා 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරයි….

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *