Press "Enter" to skip to content

විශේෂ ත්‍රීරෝද රථ මෙහෙයුමක්

පසුගිය ගතවූ පැය 24ක කාලයේ නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 686 දෙනෙකු පොලිස් අත්අඩංගුව පත්වී ඇත.

 

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 14,179ක් ය.

 

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථවලින් ගමන් කළ පුද්ගලයින් සම්බන්ධ විශේෂ මෙහෙයුමක් සිදුකෙරුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි

 

ඒ අනුව පුද්ගලයින් 5,801ක් පරීක්ෂා කර තිබෙන අතර ත්‍රීරෝද රථ 42ක් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බැවින් පොලිස් භාරයට ගෙන ඇත. එහිදී එම ත්‍රීරෝද රථවල සිටි පුද්ගලයන් 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මේ අතර අද (26) දිනයේ ද නිරෝධායන රීතීන් කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *