Press "Enter" to skip to content

“ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බැවින් ණය අඩුවීමක් සිදුවන්නේ නැහැ” – ජනපති

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත් කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

 

ඔහු ඒ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින්.

 

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වන අතර, එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 14.7ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ඔහු සඳහන් කළා.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද විවිධ අදහස් පළ කෙරෙන නමුත් එම ඇතැම් කරුණු සත්‍යතාවයෙන් තොර බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

 

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බැවින් ප්‍රධාන ණය අඩුවීමක් සිදු නොවූ බවත් ඒ වෙනුවට ණය ගෙවීම කල් දැමීමක් සිදුවූ බවත් ඔහු සඳහන් කළා.

 

මධ්‍යම ආදායම් ලබන ජාතීන් සඳහා විශේෂයෙන් හඳුන්වා දී ඇති නව ණය තිරසාර විශ්ලේෂණ රාමුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යොදාගත් පළමු මධ්‍යම ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බවත් ඔහු එහිදී සඳහන් කළා.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *