Press "Enter" to skip to content

ශානි අබේ­සේ­කර රහස් පොලිසියට

ගාර්නියා ෆැන්සිස් සමඟ දුර­ක­තන සංවා­දයේ යෙදුණු ලේක්හ­වුස් ආය­ත­නයේ හිටපු සභාප­ති­ව­රයා හා එම ආය­ත­නයේ ඉංග්‍රිසි පුව­ත්පතේ හිටපු කර්තෘ­ව­රිය මෙන්ම රහස් පොලි­සියේ මිනි මැරුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරී­ක්ෂක නිශාන්ත ද සිල්වා යන අය දැනට ස්විස්ටර්­ල­න්ත­යට ගොස් ඇති බවට කරුණු වාර්තා වන බවත් මේ සම්බ­න්ධ­යෙන් කරුණු දැන ගැනී­මට රහස් පොලි­සියේ හිටපු අධ්‍ය­ක්ෂක ශානි අබේ­සේ­කර මහතාට මේ මස 23 වැනි දින රහස් පොලි­සියේ පෙනි සිටින ලෙසට දැනුම් දි ඇති බවත් රහස් පොලි­සිය ඊයේ (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජය­රත්න මෙන­විය වෙත දැනුම් දුන්නා.

අධි­ක­ර­ණය හමුවේ කරුණු දැක්වු රහස් පොලි­සියේ මිනි­මැ­රුම් අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරි­ක්ෂක මුණ­සිංහ මහතා පැව­සුවේ ගාර්නියා දුන් ප්‍රකාශ අනුව 077228893 දරණ දුර­ක­ත­නයේ විශ්ලේ­ශන දත්ත වාර්තා­වක් කැදවු බවත් 2019/11/10 සිට 2019/11/30 දක්වා කාලයේ ඇම­තුම් සම්බන්ධ දත්ත ලබා ගත් අතර මෙම සිම් කාඩ් පත හිමි­කරු වන මාධ්‍ය­වේදි ලක්නා තරිදු පර­න­මාන්න බවයි.

එම දුර­ක­ථන අංකය භාවිතා කර­මින් ලේක්හ­වුස් ආය­ත­නයේ සන්ඩේ ඔබ්ස්වර් පුව­ත්පතේ හිටපු කර්තෘ දරීෂා බැස්ටි­යන් යන අය එම ආය­ත­නයේ හිටපු සභා­පති ක්‍රිෂාන්ත කුරේ යන අයට දුර­ක­ථන ඇම­තුම් ලබා ගන්නා බවත් එම ඇම­තුම රහස් පොලි­සියේ හිටපු අධ්‍ය­ක්ෂක ශානි අබේ­සේ­කර පසුව පොලිස් පරි­ක්ෂක නිශාන්ත සිල්වා යන අය සමඟ සම්බන්ධ වන බවත් මෙම දුර­ක­ථන ඇම­තුම විනාඩි 9 තත්පර 12කාල­යක් සම්බන්ධ ව තිබෙන බවත් මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පව­ත්වන බවට ත් පොලිසිය සඳහන් කළා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *