Press "Enter" to skip to content

ශානි අබේසේකර සහ නිශාන්ත ද සිල්වා රටින් පිටවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) දින දහවල් සිය දරු පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව අප වෙත වාර්තා වෙයි.

ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ( නිශාන්ත ද සිල්වා ) බුද්ධි අංශ නිලධාරීන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්ට එරෙහිව දේශපාලන බලපෑම් මත පරීක්ෂණ පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරු තිදෙනා ද සමඟ අද දහවල් 12.50 ට ස්විට්සර්ලන්තයේ, සුරීච් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත්තේ ස්විස් අන්තර්ජාතික ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ.- 0065 දරන ගුවන් යානයෙනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *