Press "Enter" to skip to content

සජිත් එනතුරු රනිල් කරු බලා සිටිති… සජිත් විල්පත්තු කැලෑවේ

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සවස 4.15 ට බත්තරමුල්ලේ පිහිටි කථානායක කරු ජයසූරිය මහතාගේ නිවසේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණේ කථානායක කරු ජයසූරිය හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතරය. නියමිත වේලාවට රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතාගේ නිල නිවසට පැමිණ දෙදෙනාම සජිත් ප්‍රේමදාස මහතා එනතුරු බලා සිටිය ද ඒ මහතා පැමිණියේ නැත.

සජිත් ප්‍රේමදාස මහතා දුරකථන ඇමතුමක් කථානායක කරු ජයසූරිය මහතාට ලබා දී ප්‍රකාශ කර තිබෙන්නේ පක්ෂයේ නායකත්වය කරු ජයසූරිය මහතා බාර ගන්නවා නම් තමන් මෙම සාකච්ඡාවට පැමිණෙන බවයි. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයේ නිලධාරියකු මෙම සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයට දැනුම් දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා මෙම සාකච්ඡාවට නොපැමිණෙන බවයි.

නමුත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට විල්පත්තු ජාතික උද්‍යානයේ විවේකීව ගතකරන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *