Press "Enter" to skip to content

සමගි බලවේගයේ දොර එජාපයට විවෘතයි

නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම  ආරාධනය  අදටත් වලංගු බවත් සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා කොළඹදී අද(09) පැවසීය.
 
එක්සත් ජාතික පක්ෂයේ  කිසිම කෙනෙකුට  සමගි ජනබලවේගයේ දොර වැහෙන්නේ නැති බවත් ඕනෑම අයෙකුට සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරිමේ අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය  විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව  පැවැසීය.
 
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේදී  විවෘත කෙරිණි. සර්ව ආගමික කටයුතු කිරීමෙන් පසු පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භකෙරුණු අතර එහිදී  සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  මහතා මාධ්‍ය හමුවේ විශේස ප්‍රකාශයක්ද සිදුකරනු ලැබීය.
 
“අපි අද මේ විවෘතකලේ  මේ රටේ පොදු ජනතාවගේ මහගෙදරයි. මේ සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය මේ රටේ සෑම දෙනාගේම දුක්ගන්නාරාල බවට පත්වෙනවා” යැයිද එහිදි රැස්ව සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
 
මෙම අවස්ථාවට  එක්සත් ජාතික පෙරමුනේ නායකයින් වන චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පී හැරිසන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *