Press "Enter" to skip to content

සරසවි සිසුවියක් ගෙල වැලලාගෙන සියදිවි නසාගනී

යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක තිබි තරුණියකගේ  මළ සිරුරක් සොයාගත් බව යාපනය චුන්නාකම් පොලීසිය පවසයි.

 

එම තරුණිය ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.

 

මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදි ශිෂ්‍යාවකි.

 

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර චුන්නාකම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

මේ අතර, යාපනය එළුදුමට්ටුවාල් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දැරියක් වස පානය කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(11) ජිවිතක්ෂයට පත්ව ඇති බව කොඩිකාමම් පොලීසිය පවසයි.

 

පොලීසිය පැවසූවේ පසුගිය 09 වැනිදා අදාළ දැරිය වස පානය කිරීමෙන් අනතුරුව යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට තිබු බවය.

 

පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වු බවද පොලීසිය පැවසීය.

 

දැරිය ප්‍රතිකාර ලබන අවස්ථාවේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ තුළින් දැරියට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහන් කළහ.

 

මියගිය දැරිය සිය මව සමඟ නිවසේ ජීවත්ව සිට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

 

කූඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *