Press "Enter" to skip to content

සිසුවෙක් සහ සිසුවියක් ගොඩනැගිල්ලක 67 වන මහලින් පැනලා

කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 මහලින් පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය පදිංචි සිසුවකු සහ සිසුවියක බව පොලිසිය කියයි.

 

මියගිය සිසුවිය සහ සිසුවා ජාත්‍යන්තර පාසලේ එකම පංතියක ඉගෙනුම ලබන අතර පාසල නිමවීමෙන් අනතුරුව තීරෝද රථයක නැග පැමිණ ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

 

එම සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන ඇති ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *