Press "Enter" to skip to content

සුළං බලාගාර අදානිට දුන්නොත් බිලියන 17ක පාඩුවක් – වෘත්තීය සමිති කරුණු සහිතය පෙන්වා දෙයි

සුළං විදුලි ඒකකයක් අමෙරිකානු ඩොලර් ශත 5කට අඩුවෙන් මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබියදී අදානි සමාගමේ ව්‍යාපෘතියක් සඳහා ඒකකයට ඩොලර් ශත 8.26ක මිලක් ඉදිරිපත් කර ඇති බව වෘත්තීය සංගම් සඳහන් කරයි.

 

එලෙස අඩු මිලකට සුළං විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබියදී ඩොලර් ශත 8.26කට ලබා දීමෙන් රටට වාර්ෂිකව රුපියල් බිලියන 17ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි එම වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

 

මන්නාරම සහ පුනරින් සුළං විදුලි බලාගාර අදානි ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කර තිබෙන අවසාන මිල ඩොලර් ශත 8.26කි.

 

එම ලංසුවට අඩුවෙන් එනම්, ඩොලර් ශත 5ට අඩුවෙන් දේශීය සමාගම් දෙකක් විසින් මන්නාරමේ මෙගාවොට් 50ක තවත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා මිල ගණන් ඉදිරිපත් කර ඇති බව එම වෘත්තීය සංගම් පවසයි.

 

මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිල ගණන් කැඳවූ අවස්ථාවේ දේශීය සමාගම් තුනක් විසින් පිළිවෙලින් විදුලි ඒකකයක් ඩොලර් ශත 4.88කට ඩොලර් ශත 4.98කට හා ඩොලර් ශත 5.90කට මිල ගණන් ඉදිරිපත් කර ඇත.

 

ඒ අනුව, එම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මගින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය සමාගම් දෙකක් විතර ඩොලර් ශත 5කටත් අඩු තරගකාරී මිලක් ලැබී ඇති බව එම සංගම් සඳහන් කරති.

 

මන්නාරම හා පුනරීන් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අදානි සමාගමට ඩොලර් ශත 8.26කට ලබා දීම විශාල මිලක් බව ත් එම මිල විදුලි පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන බැවින් එය කිසි ලෙසකින් සාධාරණීකරණය කිරීමට නොහැකි බව ත් එම වෘත්තීය සංගම් සඳහන් කරති.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *