Press "Enter" to skip to content

ෆොන්සේකා යන්න කලින් පන්නන්න සජබයෙන් මෙහෙයුමක්

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් අදහස් ‍දක්වා ඇති සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පවසා ඇත්තේ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ඉවත්වීමට සැරසෙන හෙයින් ඊට ප්‍රථම ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

 

නායකත්වය විවේචනය කළ සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමට පක්ෂයට පූර්ණ බලය පවතින බවද හෙතෙම සඳහන් කර ඇති අතර, කෙසේ වෙතත් පක්ෂයේ තවත් සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.

 

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කළේය.

 

ෆොන්සේකා මහතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *