Press "Enter" to skip to content

14වන කොවිඩ් මරණය වාර්තා වේ

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් -19 මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

 

එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

 

ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව රෝහල් බලධාරීන් පැවසීය.

 

ඇය පසුගිය 17 වැනිදා වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තිබුණි. එම කාන්තාව දියවැඩියා රෝගියෙක් බව ද සෞඛ්‍ය අංශ පවසති.

 

මෙරට දී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා ජනවාරි මස 27 වන දා වාර්තා විය. ඒ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවකි.

 

කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වන්නේ මාර්තු මස 11 වන දාය. එම ආසාදිතයා සංචාරක මඟ පෙන්වන්නෙකි.

 

ඒ අනුව මැයි 19 වන දින වන විට මෙරට වාර්තා වන සමස්ථ ආසාදිතයින් 1000 සංඛ්‍යාව ඉක්මවා ගියේය. ජූනි මස 24 වන දින ආසාදිතයින් 2000ත්, අගෝස්තු 30 වන දින ආසාදිතයින් 3000ත් ඔක්තෝබර් 6 වන දින ආසාදිතයින් 4000 සීමාවත් ඉක්මවා ගිය අතර, ඔක්තෝබර් 13 වන දින 5000 සීමාවත් ඉක්මවා ගියේය.

 

ඒ අනුව දින 9ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙරට අවසන් කොරෝනා ආසාදිතයින් 1000 වාර්තා වීම සුවිශේෂි වේ.

 

මේ විට මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14කි.

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674

විකුණන්න – මිලදී ගන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *