Press "Enter" to skip to content

15 දැරිය දූෂණ කළැයි විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්වරයා රිමාන්ඩ්

බාල වයස්කාර දැරියක දූෂණය කළැයි කියන සිද්ධියට අදාළව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්වරයා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය.

 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වෛද්‍ය දිමුතු ද සිල්වා නමැත්තාය.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට සැකකරුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

 

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ලබාදෙන ප්‍රකාශය ගැන හිතා බලා ලබන 09 වැනිදා අදාල ප්‍රකාශය ලබාදීමට සූදානම්ව පැමිණෙන ලෙසට ද අධිකරණය සැකකරුට නියෝග කළේය.

 

 

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *