Press "Enter" to skip to content

COVID-19 වෛරසය ලෝක නායකයන්ටත් පහර දීමට සූදානමින්!

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකේලි මැතිණිය තම වෛද්‍යය කාර්ය මණ්ඩලයේ නිළධාරියෙකු COVID-19වෛරසය ආසාදිත වී ඇතැයි හඳුනා ගැනීමත් එම නිළධාරියා සමඟ ඇය ළඟින් ඇසුරු කිරීමත් හේතුවෙන් ඇගේ වෛද්‍යයවරු ඇයට ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි පැවසේ. මේ අනුව ඉරානය හැරුනු විට ඉහළම මහජන නියෝජිතයෙකු COVID-19 වෛරසයේ බලපෑමට ලක් වූ ප්‍රථම රට බවට ජර්මනිය පත්වී තිබේ.

මේ අතර අමෙරිකාවේ පළමු COVID-19 වෛරසය ආසාදිත සෙනට් සභිකයා බවට සෙනට් සභික රෑන්ඩ් පෝල් මහතා පත්වී ඇතැයි අමෙරිකානු මාධ්‍යය වාර්තා පවසති. ප්‍රංශ මාධ්‍යය වාර්තා පවසා සිටින්නේ COVID-19 වෛරස ආසාදිතයන්ට ප්‍රතිකාර කරමින් සිටි ප්‍රංශ වෛද්‍යයවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ලෝක පූජිත ඔපෙරා තරුවක් වූ ප්ලැසිඩෝ ඩොමින්ගෝ මහතාද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි පැවසේ.

කොලොම්බියාවේ බොගෝටා නුවර පිහිටි සිර කඳවුරක COVID-19 වෛරසය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිර කරුවන් 23 දෙනෙකු මිය ගොස් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. මේ අතර රුසියානු මාධ්‍යය වාර්තා පවසා සිටින්නේ රුසියානු රජය COVID-19 වෛරසය පරීක්ෂණ උපකරණ කට්ටල ලක්ෂයක් ඉරානයට සහ උතුරු කොරියාවට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *