Press "Enter" to skip to content

පනත් කෙටුම්පතේ ඡන්ද විමසීම වෙනත් දිනයක පැවැත්වීමට කථානයක තීරණය කරයි

පාර්ලිමේන්තුවේදී අද දින විවාදයට ගැනුනේ සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර සබදතා අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයකි.

උදැසන සිටම ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සහ මනත්‍රීවරුන් පැමිණ සිටියේ සීමිත පිරිසකි. ඔවුන් සජිත් එනවා රැලියට සහභාගී වීම සදහා කුරුණෑගල ගොස් සිටීම එයට හේතුවයි. විවාදය අවසානයේදී විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ආණ්ඩු පක්ෂය විසින් එය වෙනත් දිනයකට කල් දැමීය යුතු බව දන්වන ලදී. ඊට හේතුව ආණ්ඩු පක්ෂයේ සිටි මැති ඇමතිවරුන් සහ මන්ත්‍රිවැරුන් සංඛ්‍යව අඩුවීමයි. ඒ වන විට බහුතරය හිමිව තිබුණ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දිගින් දිගටම කියා සිටියේ ඡන්ද විමසීමකට නොයනවානම් පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත යුතු බවයි.

නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේ සභානායක පක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයාත් ඡන්දය වෙනත් දිනයක යොදා ගන්නා ලෙස ඉල්ලා සිටියහ. මීට බන්දුල ගුණවර්ධන, මහින්දා නන්ද අලුත්ගමගේ ෂෙහාන් සේමසිංහ ආදී විපක්ෂයේ මන්ත්‍රීරුනක් දැඩි ලෙස විරෝධය දැක්වීම හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා විශේෂ පක්ස නායක රැස්වීමක් කතා නායක කරූ ජයසූරිය මහතා විසින් පවත්වා අතර බන් පසු කතානායකවරයා පාර්ලිමේන්තුවට දැන්වූයේ ඡන්ද විමසීම වෙනත් දිනයක පැවැත්වෙන බවයි. මේ හේත=වෙන් පාර්ලිමේන්තුව පැය භාගයකට අත්හිටුවීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *