Press "Enter" to skip to content

එජාපයේ නව සන්ධානය හදන දිනයේම ජනපති අපේක්ෂක එලියට

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ එළිදක්වන දිනයේදීම එම නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම මීට ස්වල්ප වේලාවකට පෙර අරලියගහ මන්දිරයේ දී අවසන් විය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වුණු ඇතැම් සංශෝධන වලට එකඟ වූ බවද වාර්තා වේ.

කෙසේ නමුත් යෝජිත සන්ධානය සහ ජනාධිපති අපේක්ෂක එකම දිනයක ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා නැවත මේ මස විසි වෙනිදා තවත් සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කර ඇත. විසි වෙනිදා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිවසේදීය.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකවරයා ද සහභාගි වී තිබේ. ජනාධිපති අපේක්ෂක කවුරුන්ද යන්න මේ දක්වා තීරණයක් ගෙන නොමැති අතර ඉදිරියේ නව සන්ධානය පිහිටුවන දිනයේ දී ජනාධිපති අපේක්ෂක නම් කිරීමට එකගව තිබෙන අතර එහිදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ,නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් කෙනෙකු බොහෝදුරට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය වන යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *