Press "Enter" to skip to content

ගෝඨා වෙනුවෙන් බැසිල් පෙරට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ සොහොයුරු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරට පැමිණ තිබේ.

ඊයේ කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්ෂ මහතා කිහිපවරක්ම ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කිසිදු ආකාරයකින් බියක් ඇති කර ගත යුතු නැති බවයි. ඔහු දරුණු පුද්ගලයෙක් නොවන බවත් කිහිප වතාවක්ම බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන බවත් එය පිළිගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අකමැති නම් ඔවුන් සමඟ සන්ධානයක් නිර්මාණය කිරීමට කටයුතු නොකරන බවද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඉදිරි සියලුම මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට තිබෙන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *